හෝර්ටන්තැන්න ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළිබඳ ජනපතිගෙන් දැනුම්දීමක්
2023-12-17 16:43:31
Share with:

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන එම ඉදිකිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බවට තමාට නිරීක්ෂණය වූ බව ජනාධිපතිවරයා කියාසිටී. හෙතෙම මේ අදහස් පළ කළේ, ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

වසර 03 ක් නතර වී තිබූ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම