මේ වසරේ ඉලක්ක අභිභවා ගිය ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට
2023-12-16 18:18:31
Share with:

නියමිත ඉලක්ක අභිභවා යමින්, මේ වසර අවසන් වන විට ඇ.ඩො.බිලියන 2.3 ක විදෙස් ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට හැකි වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී තිබූ ආයෝජන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියනයකි. මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.83 ක ආයෝජන සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී ඇති බවත්,  වසර අවසානය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ආයෝජන සඳහා ගිවිසුම් ගතවීමට හැකි වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටී.

මේ වසර ආරම්භයේ දී රටේ ආර්ථික තත්ත්වය පිරිහී පැවතුණ ද වර්තමානය වනවිට එහි මනා වර්ධනයක් දැකිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය. ක්ෂේත්‍ර රැසක ආයෝජනය සඳහා ව්‍යවසායකයන් විශාල පිරිසක් ඉදිරිපත් ව සිටින අතර, නිෂ්පාදන හා බලශක්ති ක්ෂේත්‍ර එයින් ප්‍රධාන වේ. විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළේ දී රජය විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කර ඇතැයි ද අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම