ගාසා තීරයේ සටන් විරාමය ඵලදායී ලෙස ක්‍රියා‍වට නංවන්නැයි චීනය ඉල්ලයි
2023-12-16 16:34:09
Share with:

ගාසා තීරයේ සටන් විරාමය අංගසම්පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියා‍වට නංවන්නැයි චීනය ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත චාං ජුන් මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති හදිසි රැස්වීමකට එක්වෙමිනි.

12 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කළ යෝජනාව පිළිගන්නා චීනය, ඒ අනුව ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් වහාම ආරම්භ කළ යුතු යැයි යළිත් තරයේ ඉල්ලා සිටින බව චාං ජුන් මහතා පැවසීය. අතිශය පක්ෂපාතී ඡන්දවලින් සම්මත කෙරුණු එම යෝජනාව අංගසම්පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු කියාසිටියේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුගිය 12 වැනිදා විශේෂ හදිසි රැස්වීමක් පැවැත්වීය. ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් වහාම ආරම්භ කළ යුතු බවට එහිදී ඉදිරිපත් වූ යෝජනාව රටවල් 153 ක බහුතර ඡන්දයෙන් සම්මත කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම