ඇමරිකා-චීන වෙළඳ කවුන්සිලයේ 50 වැනි සංවත්සරය සැමරේ
2023-12-16 16:32:03
Share with:

ඇමරිකා-චීන වෙළඳ කවුන්සිලයේ 50 වැනි සංවත්සර සැමරුම පැවැත්වෙයි.

පසුගිය 14 වැනිදා පැවති එම සැමරුමට එක්වූ ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබපැතුම් පණිවිඩය ඉදිරිපත් කර දේශනයක් ද පැවැත්වීය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 45 වැනි සංවත්සරය ලබන වසරට යෙදෙන බව Xie Feng මහතා පැවසීය. චීන-ඇමරිකා සබඳතාව නව ආරම්භක ලක්ෂ්‍යයකට පැමිණ ඇති අතර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව සඳහා ද නව අවස්ථා නිර්මාණය වී තිබේ. ප්‍රධාන වශයෙන් එහි සාධනීය ප්‍රවණතා තුනක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. එනම්, පළමුව, ද්විපාර්ශ්වික සබඳතාව පිරිහීම නතර වී ස්ථාවර වීමයි. සැන් ෆ්‍රැන්සිස්කෝ හමුව දෙරට සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා දිශාවක් පෙන්වා දී තිබේ. එහි දෙවැන්න චීනයේ ආර්ථිකය ප්‍රකෘතිමත් වී වර්ධනය වීමයි. මේ වසරේ පළමු කාර්තු තුනේ දී, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ගිය වසරේ සමාන කාලයට වඩා 5.2% කින් වර්ධනය වූ අතර, ලොව ප්‍රධාන ආර්ථිකයන් අතර එය ඉහළම ශ්‍රේණිගත කිරීමකි. තෙවැන්න, චීන‍යේ විවෘතභාවය ඉහළ මට්ටමක පැවතීම යි.

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ ශුභාරංචි නිතර ඉස්මතු වෙමින් පවතී. චීනයේ ආයෝජනය කිරීම හා සංවර්ධනය ව්‍යාපාරික ප්‍රජාව අතර පොදු තේරීමක් බවට පත් ව ඇතැයි ද  චීන තානාපතිවරයා පෙන්වා  දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම