දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ගෝලීය උත්සාහයේ නව ප්‍රගතියක්
2023-12-16 16:05:29
Share with:

“මේ ඓතිහාසික ජයග්‍රහණ ගැන අපට ආඩම්බර විය හැකියි. ‘එක්සත් අරාබි එමීර් රාජ්‍ය සම්මුතිය’, ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමේ ඒකාබද්ධ මෙහෙයුම් කඩිනම් කිරීමේ සැලසුම් මාලාවක් බව නිසැකයි’  එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමු ගිවිසුමේ 28 වැනි සමුළුවේ (COP28) සභාපති  Sultan Ahmed Al Jaber මහතා මෙසේ ප්‍රකාශ කළේ, ඩුබායි හි පසුගියදා පැවති එම සමාප්ති සමුළුව අමතමිනි.

‘එක්සත් අරාබි එමීර් රාජ්‍ය සම්මුතියේ’ ඓතිහාසික වැදගත්කම වන්නේ ෆොසිල ඉන්ධනවලින් නිදහස් වීම පිළිබඳව ගිවිසුමකට පැමිණීම යි. එය අසීරුතාවලින් ලද ජයග්‍රහණයකි. ෆොසිල ඉන්ධන භාවිතය නතර කිරීමට ප්‍රමුඛතාව ලබාදෙන බවට මීට පෙර ඇතැම් රටවල් පැහැදිලිව ප්‍රකාශ කළ නමුත්, ඇතැම් රටවල් ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට පමණක් කැමැත්ත පළ කළ අතර, තවත් පිරිසක් එය මුළුමනින් ප්‍රතික්ෂේප කර ඇත.  කෙසේ වුවද විවිධ පාර්ශ්වයන්ට පිළිගත හැකි වන අයුරින් ‘සාධාරණ, ක්‍රමානුකූල හා හේතුසහගත ආකාරවලින් ෆොසිල ඉන්ධනවලින් නිදහස් වීම’ යන්න ගිවිසුමට අන්තර්ගත වී තිබේ.

මීට අමතරව, ‘හානි හා අලාභ’ අරමුදල ස්ථාපිත කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉදිරිපත් කළ යෝජනාව සම්මත කිරීම සහ පැරිස් ගිවිසුමෙන් පසුව ප්‍රථම වරට දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ගෝලීය මතය සම්පිණ්ඩනය කර ඉදිරි දිශානතිය හඳුනාගැනීම ද මෙවර සමුළුවෙන් ලද තවත් කැපීපෙනෙන ජයග්‍රහණ ලෙස සැලකේ.

COP 28 සමුළුවට මෙතරම් සාර්ථක ප්‍රතිඵලයන් බිහි කිරීමට හැකිවූයේ චීනය හා ඇමරිකාව යන රටවල් දෙකේ සහයෝගය නිසාය යන්න අවිවාදිත සත්‍යයකි. මෙහිදී උසස් මට්ටමේ පෙළඹවීම විශේෂයෙන්ම කැපී පෙනේ. COP 28 සමුළුවේ දී ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා එක්ව ප්‍රයත්න දරන බව සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේ දී  චීන-ඇමරිකා නායක දෙපළ අවධාරණය කළහ. එම සහයෝගතා සංකල්පය ‍දේශගුණ අර්බුදයට මුහුණ දීමේ ගෝලීය ප්‍රයත්නයට නව බලයක් එක්කරනු ඒකාන්ත බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම