සාමාන්‍ය ජනතාව සමෘද්ධිමත් කිරීමෙන් සංවර්ධනය තහවුරු කිරීම චීනයේ ප්‍රමුඛ ලක්ෂණයක් බව ඉතියෝපියාවේ හිටපු ජනපති කියයි
2023-12-16 18:34:34
Share with:

විශිෂ්ට රාජ්‍ය නායකයෙකු වන චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ තමාට ගෞරවයක් මෙන්ම ආස්වාදයක් දැනුණු බව ඉතියෝපියාවේ හිටපු ජනාධිපති Mulatu Teshome මහතා කියාසිටී.  චීන මාධ්‍ය සමූහය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට පසුගිය දා එක්වෙමින් හෙතෙම පැවසුවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමාගේ ප්‍රථම නිල සංචාරය ලෙස චීනයට පැමිණි බවයි.

ඉතියෝපියාවට සමානත්මතාවයෙන් යුතුව සලකන ෂී ජින්පිං මහතා දෙරට අන්‍යෝන්‍ය සහයෝගය තුළින් පොදු යහපත උදා කර ගත යුතු යයි පැවසූ බව ද Mulatu Teshome මහතා කියාසිටියේය.

Teshome මහතා 1976 වසරේ සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා චීනයට පැමිණියේ ය. බෙයිජිං භාෂා විශ්වවිද්‍යාලයේ වසරක අධ්‍යයනය නිමා කළ ඔහුට 1977 වසරේ Peking විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයට පිවිසිය හැකි විය. 1982 වසරේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමෙන් පසු හෙතෙම 1985 වසරේ සිට 1991 වසර දක්වා ජාත්‍යන්තර දේශපාලන පීඨයේ අධ්‍යයනය ලබා පශ්චාත් උපාධිය හා ආචාර්ය උපාධිය ද හිමි කරගැනීමට සමත් විය.

Mulatu Teshome මහතා ඉතියෝපියානු ජනාධිපති ධුරයට තේරී පත්වූයේ 2013 වසරේ ඔක්තෝබර් මාසයේ යි. ඉන් අනතුරුව ඔහු චීනයේ ආර්ථික සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කළේය.

තම රටේ සැබෑ තත්ත්වය නිසි ලෙස වටහා ගනිමින්, ජනතාවට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී ඔවුන්ගේ දිවිපැවැත්ම නැංවීමෙන් සංවර්ධන ප්‍රතිලාභ දිනාගැනීම තමා චීනයෙන් අධ්‍යයනය කළ කැපීපෙනෙන කරුණක් බව Teshome මහතා කියාසිටියේය.

ඉතියෝපියාවට බ්‍රික්ස් රටවල්වලට එක්වීමට හැකිවීම සම්බන්ධයෙන් ද හෙතෙම චීනයට කෘතඥතාව පළකළේය. තම රට, චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය ඇතුළු එහි සාමාජික රටවල් අතර සහයෝගිතා ඔස්සේ ප්‍රතිලාභ අත්කර ගනු ඇතැයි ද ඔහු පැවසීය.

චීනය අප්‍රිකානු රටවලට උපකාර කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, චීනය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට කිසිදු අනිසි බලපෑමක් එල්ල නොකරන බවයි. එසේම, කිසිදු කොන්දේසියක සිර නොවන චීනයේ උපකාර තම කලාපයට අවශ්‍ය බව සියලු අප්‍රිකානු රටවල අදහස වී ඇතැයි ද ඉතියෝපියාවේ හිටපු ජනාධිපති Mulatu Teshome මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම