චීනයෙන් තවත් චන්ද්‍රිකාවක් සාර්ථකව උඩුගුවනට
2023-12-16 17:16:48
Share with:

චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන්ගත කරයි.

දකුණු චීනයේ හයිනාන් පළාතේ පිහිටි Wenchang  අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එය ඊයේ (15) නිකුත් කරනු ලැබීය. Yaogan-41 ලෙස නම්කෙරුණු චන්ද්‍රිකාව සැලසුම්ගත කක්ෂයට ප්‍රවේශ වී ඇත.

Long March-5 Y6 වාහක රොකට්ටුව මගින් එය ගුවන්ගත කෙරුණේ බෙයිජිං වේලාවෙන් රාත්‍රී 9.41 ට යි.

ඉඩම් මැනීම, බෝග අස්වනු ඇස්තමේන්තු කිරීම, පාරිසරික කළමනාකරණය, කාලගුණ විද්‍යා අනතුරු ඇඟවීම් හා පුරෝකථන මෙන්ම ආපදා වළක්වා ගැනීම සඳහා මෙම චන්ද්‍රිකාවෙන් සැපයෙන දත්ත භාවිත කෙරෙනු ඇත.

මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 502 වැනි මෙහෙයුම යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම