චීන-සෞදි අරාබි-ඉරාන ත්‍රෛපාර්ශ්වික කමිටුවේ පළමු රැස්වීම බෙයිජිං අගනුවර දී
2023-12-16 16:34:04
Share with:

චීන-සෞදි අරාබි-ඉරාන ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ කමිටුවේ පළමු රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි. ඊයේ (15) රැස්වීම බෙයිජිං අගනුවර දී පැවැත්විණ. ‘බෙයිජිං ගිවිසුම’ අනුගමනය කිරීමේ තත්ත්වය විමසා බැලීම එහි ප්‍රධාන අරමුණ යි. සෞදි අරාබි නියෝජ්‍ය විදේශ අමාත්‍ය Waleed Elkhereiji සහ දේශපාලන කටයුතු පිළිබඳ ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Ali Bagheri Kani යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් එම රටවල් දෙකේ නියෝජිත කණ්ඩායම් රැස්වීමට එක්ව සිටියහ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, එම අමාත්‍යවරුන් දෙපළ හමුවී සාකච්ඡා පැවැත්වීය.

මෙම වසරේ මාර්තු මස චීනයේ මැදිහත් වීම යටතේ සෞදි අරාබිය හා ඉරානය ‘බෙයිජිං ගිවිසුම’ට එළඹීමෙන් පසු  රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් අත් කරගත් සක්‍රිය ප්‍රගතීන් එම රැස්වීමේ සමාලෝචනය කෙරිණ.  රියාද් හා ටෙහේරාන් නගරවල දෙරටේ තානාපති කාර්යාල යළි ස්ථාපනය කිරීම, දෙරට විදේශ අමාත්‍යවරුන්ගේ අන්‍යෝන්‍ය නිල සංචාර එම ප්‍රගතීන් අතරින් කැපී පෙනේ. මෙහිදී පුළුල් කාර්යභාරයක් ඉටුකළ චීනය මෙම රැස්වීමේ  සත්කාරකත්වය ද දරමින් එය මෙහෙයවීම සෞදි අරාබියේ හා ඉරානයේ ඉහළ පැසසුමට ලක්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම