ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර කරයි
2023-12-16 17:03:44
Share with:

ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරය වෙත බෝම්බ හෙළීම තවදුරටත් තීව්‍ර කරයි.

ඊයේ (15) සිදු වූ එම බෝම්බ හෙළීමත් සමඟ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම දින 70 ක් සපුරා ඇත. එදින ම ජෙරුසලම දෙසට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව හමාස් යටතේ පවතින සන්නද්ධ සංවිධානයක් ප්‍රකාශ කළේය.

මේ අතර, පලස්තීන ජනාධිපති Mahmoud Abbas, අමෙරිකානු ජනපතිගේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan සමඟ රමල්ලා නගරයේ දී ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව පලස්තීන මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරය පලස්තීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර, තම රට බෙදා වෙන්කිරීමේ කිසිදු සැලසුමක් පලස්තීනය නොපිළිගන්නා බව Mahmoud Abbas එහිදී යළි අවධාරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම