ජනපති හෝර්ටන් තැන්නේ හදිසි නිරීක්ෂණ චාරිකාවක
2023-12-16 18:10:47
Share with:

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙතෙම මේ බව කියාසිටියේ, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (15) පෙරවරුවේ එක්වෙමිනි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යාන නිරීක්ෂණ චාරිකාව ඇරඹීය.

 මෙම වනෝද්‍යානය ආශ්‍රිතව පවතින වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපතිවරයා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළේය. එම ප්‍රදේශ ඇතුළත් තනි සිතියමක් සකසා, අදාළ සියලු කරුණු සහිතව කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම