ඉන්දියන් සාගරයේ අරක්ෂක මූලස්ථානය මෙරට පිහිටුවීමට එකඟතාව
2023-12-16 18:15:23
Share with:

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපීය රටවල් තීරණයකට එළඹ තිබේ.

මොරිෂස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේ දී මෙම තීරණයට එළඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශය ද මෙහිදී එළිදක්වා ඇත. ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපයේ සාගරය ආශ්‍රිත රටවල සහ දකුණු අප්‍රිකානු රටවල නියෝජිතයෝ ද මෙම සමුළුවට සහභාගි වූහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට සමුළුවේ එකඟතාවය පළ වී තිබේ. මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරි මාසයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කරගනිමින් පිහිටුවීමට නියමිත අතර, අනතුරුව එය වෙනත් ගොඩනැගිල්ලක ස්ථාපනයට පියවර ගැනේ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම