හරිත ආයෝජන කලාප ඇතිකිරීම සඳහා චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම් සැකසේ
2023-12-15 15:33:39
Share with:

කාබන් විමෝචනය අවම කරමින් ආයෝජන කලාප, හරිත මෙන්ම පරිසර හිතකාමී තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය වෙයි යුවාන්යොං මහතා පවසයි. ලබන වසර අවසානයට පෙර අදාළ ආයෝජන කලාප තුන පරිසර ආරක්ෂණ හරිත ආයෝජන කලාප බවට තත්ත්ව සහතික ලබා ගනු ඇතැයි ද හෙතෙම කියාසිටී. මහාචාර්යවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සමග කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති හමුවේ දී ය. 

මේ දිනවල මෙරට පර්යේෂණ සංචාරයක නිරත මහාචාර්ය වෙයි යුවාන්යොං මහතා සහ මහාචාර්ය ලියු පිංගු මහත්මිය ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින අපනයන කලාපවල අපජල කළමනාකරණය හා පරිසර ආරක්ෂණ තත්ත්ව පිළිබඳ අධ්‍යයනයක නිරත වෙති. 

මීට අමතරව, හරිත ආයෝජන කලාප ඇතිකිරීමේ අවබෝධතා ගිවිසුමක් චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ය. ඒකාබද්ධ පාරිසරික කාර්මික උද්‍යාන සංකල්පය මත තිරසර ක්‍රමෝපායන් භාවිතයෙන් ක්‍රියාකාරී කාර්යභාරයක් සපුරා ගැනීම ද මෙහි අරමුණකි. ජල තත්ත්ව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට ද නියමිතයි. 

මහනුවර කර්මාන්ත උද්‍යාන පරිශ්‍රයේ අංගසම්පූර්ණ ජල තත්ත්ව රසායනාගාරයක් පිහිටුවීම ද මීට ඇතුළත් ය. මීට අමතරව, සෑම ආයෝජන කලාපයකම පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නැංවෙනු ඇති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම