Guangxi Zhuang ස්වායත්තයේ ඇරඹෙන නව සංවර්ධන පරිච්ඡේදයක් පිළිබඳ චීන ජනපතිගේ අපේක්ෂා පළ වේ
2023-12-15 20:30:33
Share with:

Guangxi Zhuang ස්වායත්තය චීන ලක්ෂණ සහිත නවීකරණය යටතේ නව සංවර්ධන පරිච්ඡේදයක් ඇරඹිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව පැවසුවේ එම ස්වායත්තයේ නිරත නිරීක්ෂණ සංචාරය අතරතුර යි.

Guangxi Zhuang ස්වායත්තය නව සංවර්ධන සංකල්පය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා පවසා ඇත. රටේ ප්‍රමුඛතම මෙහෙයුම වන උසස් තත්ත්වයේ සංවර්ධනය, නව සංවර්ධන රටාවක් ගොඩනැගීමේ උපායමාර්ගය සහ පොදු චීන ප්‍රජාව පිළිබඳ සංකල්පය ගොඩනැගීම යන ක්‍රමවේද මෙහිදී අනුගමනය කළ යුතු බව ද හෙතෙම පැවසීය.

තමන්ට අනන්‍ය වාසිසහගත තත්ත්ව භාවිත කිරීම, නිරවුල් මනසින් ක්‍රියා කිරීම, නව්‍යකරණය ගවේෂණය, මුහුදු සම්පත් මනා ලෙස යොදා ගැනීම සහ විවෘතභාවය පුළුල් කිරීම මගින්, Guangxi Zhuang ස්වායත්තය, දේශසීමා ජනවාර්ගික ප්‍රදේශවල උසස් තත්ත්වයේ සංවර්ධනයේ දී වැඩි ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කරයි. නවයුගයේ චීන ලක්ෂණ සහිත සමාජයක් ගොඩනැගීමේ දී නව ප්‍රගතීන් අත් කරගනිමින්, Guangxi Zhuang ස්වායත්තයට ආවේණික චීන ලක්ෂණ සහිත නවීකරණයේ නව සංවර්ධන පරිච්ඡේදයක් ඇරඹිය යුතු බව ද  ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම