හොංකොං හි නීතියේ පාලනය විවේචනය කළ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2023-12-15 18:53:43
Share with:

ජාතික ආරක්ෂාවට හානි සිදු කරමින් හොංකොං හි ආරවුල් ඇති කළ පුද්ගලයන් පස් දෙනෙකු හොංකොං පොලීසිය විසින්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව හා බ්‍රිතාන්‍යය කළ විවේචනයන්ට චීනය ප්‍රතිචාර දක්වයි.

 එම රටවල් හොංකොංහි ජාතික ආරක්ෂක නීතියට අපහාස කිරීම හා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීතිමය කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි චීනය දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (15) ප්‍රකාශ කළාය.

චීනයේ ස්වාධිපත්‍යය හා හොංකොංහි නීතියේ පාලනයට ගරු කරමින් තම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලීමක් කරයි.

එම සැකකරුවන් පස් දෙනා ජාතික ආරක්ෂාවට හානි කළ බැවින් හොංකොං පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත් කිරීම අනිවාර්ය හා නීත්‍යනුකූල ක්‍රියාවකි. එය ජාත්‍යන්තර නීතිය හා රෙගුලාසිවලට ද අනුකූල බව මාඕ නිං මහත්මිය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම