අධික සීත කාල‍ගුණයෙන් ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
2023-12-15 20:31:43
Share with:

 අධික සීත කාල‍ගුණයෙන් ඇතිවිය හැකි අවදානම් හා විපත් තත්ත්ව වළක්වා ගැනීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වගකිව යුතු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

   කාලගුණය පිළිබඳ අධීක්ෂණය ශක්තිමත් කරමින් අනතුරු ඇඟවීම් හා පුරෝකථන තොරතුරු නිසි වේලාවට නිකුත් කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. එමෙන්ම ප්‍රවාහන හා විදුලි සැපයුම් ජාලයේ විධිමත්බව සහතික කිරීම සඳහා එම සේවා පිළිබඳ මුර පරීක්ෂණ වැඩි කරමින් අයිස් හා හිම ඉවත් කිරීමට පියවර ගත යුතුය. බලශක්ති සැපයුම හා උණුසුම් කිරීමේ පහසුකම් සහතික කිරීම සඳහා ගල් අඟුරු, ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සැපයුම වැඩි කරමින් ආපදා සහන සූදානම මනාව සිදු කළ යුතුය. මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට පොදු සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව ද ඔහු කියා සිටී.

විවිධ ප්‍රදේශයන් හි අදාළ අංශවල බලධාරීන් සිය වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් ආපදා වැළැක්වීමේ පියවර හා හදිසි අවස්ථාවන්ට මුහුණ දීමේ සැලසුම් අංගසම්පූර්ණ ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. අවදානම් තත්ත්ව වළක්වා ජනතාවට උණුසුම් මෙන්ම සුරක්ෂිත සීත කාලයක් ගත කිරීම සහතික කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම