නේටෝ ක්‍රියාකාරකම් ආසියාවට ව්‍යාප්ත කිරීමේ උත්සාහය පිළිබඳ චීනය ප්‍රතිචාරය
2023-12-15 19:13:21
Share with:

චීන-රුසියානු සහයෝගිතාව සහ නේටෝවේ කල්ලිවාදය අතර පැහැදිලි වෙනසක් ඇතැයි චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව පැවසුවේ අද (15) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී ය.

බටහිර රටවල් නේටෝ ක්‍රියාකාරකම් ආසියාවට ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා පසුගිය දා පැවසීය. නේටෝ ප්‍රඥප්තියේ අභිමතාර්ථ ඉක්මවන එම උත්සාහය පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙක් චීනයේ අදහස විමසීය.

නේටෝව ආසියා-පැසිෆික් කලාපයට ව්‍යාප්ත කිරීම ආසියාවට කඳවුරු ගැටුම් පමණක්ම රැගෙන එනු ඇති අතර, එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කරනු ඇතැයි ද Mao Ning මහත්මිය පැවසුවාය.

නොබැඳී සිටීම, ගැටුම් ඇතිකර නොගැනීම සහ තුන්වන පාර්ශ්වයක් ඉලක්ක නොකිරීම යන මූලධර්ම මත පදනම්ව චීන-රුසියානු සබඳතාව ගොඩනැගෙයි. දෙරටේ වත්මන් සබඳතාව සීතල යුද්ධ සමයේ දී මිලිටරි සහ දේශපාලන සන්ධානයේ ආකෘතිය ඉක්මවන අතර, එය මූලික වශයෙන් නේටෝවේ කල්ලිවාදී පිළිවෙතට වඩා පැහැදිලිවම වෙනස් වන බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම