සටන් විරාමයක් පිළිබඳ ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
2023-12-15 11:18:38
Share with:

සටන් විරාමයක් පිළිබඳ ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා පලස්තීන ගාසා තීරයට සිය හමුදා ප්‍රහාර අඛණ්ඩව එල්ල කරන බව ඊශ්‍රායල නායකයින් ඊයේ(14) ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan වෙත ප්‍රකාශ කර ඇත.

Sullivan සමග මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant කියාසිටියේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට දිගු කාලයක් අවශ්‍ය බවත් එය තවත් මාස කිහිපයකට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවත්ය. 

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයට අනුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේදී දෙපාර්ශ්වය අතර හමුව සිදුව ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර, ලෙබනනය සමග පවතින දේශසීමා ගැටුම සහ ප්‍රාණ ඇපකරුවන් විශාල පිරිසක් ගාසාහි සිටින බව සාකච්ඡා කිරීමටය.ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට මෙන්ම රතු මුහුදු වෙරළේ පිහිටි ඊශ්‍රායල සංචාරක නගරයක් වන අයිලට් වෙත යේමනයේ හවුති කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සඳහන් කරමින් Yoav Gallant පැවසුවේ නාවික තර්ජනවලට මුහුණ දීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට ඊශ්‍රායලය සහාය දෙන අතර ඕනෑම තර්ජනයකට එරෙහිව ක්‍රියා කරන බවයි. 

අනතුරුව ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශකවරයා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමු වී ඇති බව ද වාර්තා වේ. අවි ආයුධ සැපයීම, සටන නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සාහයන් වැළැක්වීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරවා ගැනීමට දක්වන සහය වෙනුවෙන් ඇමරිකාවට සිය ස්තූතිය පිරිනමන බව ඊශ්‍රායල අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායලය මෙම ත්‍රස්තවාදී තර්ජන භාර ගනිමින් ක්‍රියා කරන විට ඒ සදහා ඇමරිකාවේ සහය අඛණ්ඩව ලැබෙනු ඇති බව ද Jake Sullivan ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම