නොවැම්බර් මාසයේ චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමක් වෙයි
2023-12-15 15:01:43
Share with:

පසුගිය නොවැම්බර් මාසයේ චීන ආර්ථිකය අඛණ්ඩ ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරයි. 

චීන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ දත්තවලට අනුව, පසුගිය මාසයේ චීන ආර්ථිකය අඛණ්ඩව සංවර්ධනය වී තිබේ. නිෂ්පාදන සැපයුම ස්ථීර ලෙස ඉහළ ගොස් ඇති අතර, වෙළඳපොළ ඉල්ලුම් තිරසර අයුරින් යහපත් වෙමින් පවතී. රැකියා නියුක්තිය හා භාණ්ඩ මිල ද සමස්ත වශයෙන් ස්ථාවර තත්ත්වයක පවතී. ජනජීවිත සුරක්ෂිතභාවය ශක්තිමත් වී ඇති අතර, ආර්ථීක ව්‍යුහය වෙනස් කිරීමේ හා උසස් මට්ටමකට නංවා ගැනීමේ කටයුතු ඉදිරියට ගෙන යන බව ද එම වාර්තාවේ දැක්වෙයි. 

නොවැම්බර් මාසයේ ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය පසුගිය වසරේ එම මාසයට වඩා 6.6% කින් වැඩි වූ බවත්, සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය 9.3% කින් වැඩි වූ බවත් එහි සඳහන් ය. සමාජයීය පාරිභෝගික‍ භාණ්ඩ සිල්ලර අලෙවිය චීන යුආන් බිලියන 4250.5 කි. එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට වඩා 10.1% ක වැඩි වීමකි. එසේම, 2023 සමස්ත වසරේ සේවා කර්මාන්තයේ සිල්ලර අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 19.5% කින් වර්ධනය වී තිබේ. 

පසුගිය නොවැම්බර් මාසයේ චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වටිනාකම චීන යුආන් බිලියන 3700.4 ක් වන අතර, එය වසරින් වසරට සියයට 1.2 කින් වැඩි වී තිබේ. වෙළඳාමේ අතිරික්තය චීන යුආන් බිලියන 490.8 කි. නාගරික විරැකියා අනුපාතය 5% කි. එය පසුගිය ඔක්තෝබර් මාසය හා සමාන තත්ත්වයකි. පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 0.5% කින් පහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම