තරුණ ප්‍රජාව ගොවිතැන කෙරෙහි ආකර්ෂණය කරගැනීමට රු.මිලියන 1000 ක්
2023-12-15 15:37:06
Share with:

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගැනීමේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන්කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි. 2024 වර්ෂය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.

මේ යටතේ තරුණයන් 1000 ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් ලබා දී අපනයනය ඉලක්ක කර ගත් වගාවන් සඳහා යොමු කිරීමට නියමිතය. ඒ අනුව, ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛතාව ලබා දී ඒවා වගා කෙරෙනු ඇත. වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් ඊට අයත් වේ.

මෙම බෝග මෙන්ම දැනට ජාත්‍යන්තර වෙළඳපොළේ ඉල්ලුමක් ඇති බෝග වගා කිරීම සඳහා තරුණ ප්‍රජාව උනන්දු කිරීමටත්, ඔවුන් තුළ කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වසනීයත්වයක් ඇතිකිරීම සඳහාත් මෙම පියවර ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම