ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ 50වැනි සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-12-15 10:49:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලය ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරයට සුබ පැතුම් පිරිනමයි. ඒ අද(15) එම සැමරුම් උත්සවයට පණිවුඩයක් යොමු කරමිනි. එම කවුන්සිලයටත්, එහි සියලු සාමාජිකයන්ටත් සුබ පතමින් චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාවයට දිගුකාලීන ව සහාය දක්වන ඇමරිකාවේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ට ද හෙතෙම සිය සුභාශිංසන පිරිනැමීය.

චීනය හා ඇමරිකාව අතර ‍ආර්ථික හා වෙළඳ සබඳතාව දෙ‍රටේ සම්බන්ධතාව සඳහා වන වැදගත් කොටසක් වන අතර, එය දෙරටේ ජනතාව වෙත ප්‍රතිලාභ රැසක් හිමි කර දී ඇති බව චීන ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දුන්නේ ය. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු විවිධ රටවල ව්‍යවසායන්ට වඩාත් වැඩි අවස්ථාවන් ලබා දෙනු ඇත. දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා විශාල විභවයක් සහ පුළුල් අවකාශයක් පවතී. ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයට සහ එහි සාමාජික ව්‍යවසායන්ට දෙරට සඳහා වඩාත් වැඩි මිත්‍රශීලී සබඳතාවක් නිර්මාණය කර ඉදිරි දශක 5 සඳහා දෙරටේ සහයෝගිතාවයට නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ද සැමරුම් උත්සවය වෙත එදිනම සුබ පැතුම් පණිවුඩයක් යොමු කළේ ය.

ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලය ස්ථාපිත කරනු ලැබූවේ 1973 වසරේදී ය. එහි මූලස්ථානය Washington හි පිහිටා ඇති අතර එම කවුන්සිලය දෙරටේ සබඳතා වර්ධනයට හා දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගිතාව දිගුකාලයක් තිස්සේ ශක්තිමත් කිරීමට කැප වී සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම