චීන ජනාධිපතිවරයාගේ අදහස් සමග තවදුරටත් ශක්තිමත් වූ චීන-වියට්නාම සබඳතාව
2023-12-15 11:41:49
Share with:

පසුගිය දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වූ වියට්නාම සංචාරය දෙරටේ සම්බන්ධතා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් වශයෙන් සැලකේ. කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන සමාජවාදී රටවල් වන චීනය හා වියට්නාමය අතර පවතින්නේ සමාන දේශපාලන ක්‍රමයක්, සමාන සංවර්ධන සංකල්පයක් සහ සමාන සංවර්ධන මාවතක් ය. 1999 වසරේ දෙරටේ රාජ්‍ය නායකයින් මෙම ද්විපාර්ශ්වික සම්බන්ධතාව“දිගුකාලීන ස්ථාවරත්වය, අනාගතයට ප්‍රවේශය, යහපත් අසල්වැසි මිත්‍රත්වය සහ පූර්ණ සහයෝගිතාව”යන්නෙන් අර්ථ දැක්වූහ. 2008 වසරේ චීනය හා වියට්නාමය පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාවක් ස්ථාපිත කර තිබිණ. මෙවර චීන ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරයේදී එම සබඳතාව පොදු ඉරණමක් සහිත උපායමාර්ගික චීන-වියට්නාම පොදු සහයෝගීතාව දක්වා ඉහළ නංවා ඇතැයි දෙපාර්ශ්වයම ප්‍රකාශ කර තිබේ.

පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම පොදු සහයෝගීතාවට පදනම් වී ඇත‍්තේ , ගෙවුණු වසර 15ක කාලයේ අඛණ්ඩව වර්ධනය වී ඇති දෙරටේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවයයි. ෂී ජින් පිං ජනාධිපතිවරයා වියට්නාම ජනාධිපති Nguyen Phu Trong මහතා හමු වූ අවස්ථාවේදී පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම පොදු සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වීය. චීන- වියට්නාම සම්බන්ධතා දේශපාලනික වශයෙන් නිවැරදි දිශාවක් දෙස රැගෙන යා යුතු බවත්, දෙරට ‍අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගිතා ඉහළ නංවා ගනිමින් මානව හුවමාරු ශක්තිමත් කළ යුතු බවත්, ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා වියට්නාමය සමීප සහයෝගිතාවයකින් කටයුතු කළ යුතු බවත්, චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දෙයි. දකුණු චීන මුහුද සම්බන්ධ ගැටළුව වෙනුවෙන් දෙපාර්ශ්වය නිසි ලෙස මතභේද කළමණාකරණය කර ගැනීමේ අවශ්‍යතාව ද හෙතෙම විශේෂයෙන් අවධාරණය කර ඇත. චීන ජනාධිපතිවරයා පළ කළ මෙම අදහස්,  චීන-වියට්නාම සබඳතාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා වන පැහැදිලි මඟපෙන්වීමක් බව දේශපාලන විචාරක මතය වී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම