රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ චීන ජනපතිගේ දෙසුමක් ප්‍රකාශයට පත්කෙරේ
2023-12-15 19:24:55
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා 20 වැනි මධ්‍යම කාරක සභාවේ, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය සඳහා වූ මධ්‍යම කොමිසමේ පළමු රැස්වීමේ දී පැවැත්වූ දේශනය ප්‍රකාශයට පත් කෙරේ. 

එය මධ්‍යම කාරක සභාවේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන Qiushi සඟරාවේ මෙම වසරේ 24 වැනි කලාපයෙහි පළකෙරෙනු ඇත. එම කලාපය හෙට (16) නිකුත් කෙරේ.

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා වූ මධ්‍යම කොමිසමේ වත්මන් හා ඉදිරි වැඩකටයුතු සඳහා එම ලිපියෙන් උපදෙස් දී තිබේ. ඒ අනුව එම කොමිසම රටේ දැවැන්ත උපායමාර්ගය හා වැඩසටහන් සඳහා උපරිම සේවා සැලසීම සහතික කිරීම සිය ප්‍රමුඛ කාර්යභාරය සේ සලකා, උසස් පෙළේ මෙන්ම සමස්ත පොදු සැලසුම් ශක්තිමත් කළ යුතුය. එසේම එම ප්‍රතිසංස්කරණ බිම් මට්ටම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නැංවිය යුතු වේ. මීට අමතරව පාලන කටයුතු විද්‍යාත්මකව හා දැඩි ලෙස ශක්තිමත් කළ යුතු බව ද එහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම