දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවේ දී තම කාර්යභාරය මැනැවින් ඉටුකළ බව චීනය කියයි
2023-12-14 20:02:11
Share with:

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ 28 වැනි පාර්ශ්වයන්ගේ සමුළුව ගෝලීය වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

මෙවර සමුළුව ලබා ගත් ප්‍රතිඵල සහ එම සමුළුවේ ජයග්‍රහණ ක්‍රියාත්මක කිරීම සඳහා චීනය කිනම් ආකාරයක කාර්යභාරයන් ඉටුකරන්නේ  ද යන කරුණු පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මාඕ නිං මහත්මිය පැවසුවේ, දේශගුණික අර්බුදවලට මුහුණ දීමේ දී අදාළ පාර්ශ්ව සතු ඉහළ මට්ටමේ පොදු අවබෝධතා එම සමුළුවෙන් සාර්ථකත්ව පිළිබිඹු වූ බව යි. බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින්, සමගි චින්තනයෙන් හා වඩාත් ක්‍රියාශීලී මෙහෙයුම් ඔස්සේ දේශගුණ විපර්යාස ගැටලුවට ඒකාබද්ධව මුහුණ දිය යුතු බවට වන ප්‍රබල සංඥාව එම සමුළුවෙන් නිකුත් කෙරුණු බව ද ඇය ප්‍රකාශ කළාය.  

එම සමුළුව ඉතා වැදගත් කොට සලකන චීනය එහි පැවති සාකච්ඡාවන්ට සක්‍රිය ලෙස සහභාගි විය. එහි සභාපතිත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා සෙසු පාර්ශ්ව සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වමින් සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ජයග්‍රහණ ස්ථිරව සුරක්ෂිත කිරීම චීනයේ අරමුණයි. පවතින කේන්ද්‍රීය ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින්, පොදු එකඟතා ප්‍රවර්ධනය කරන චීනය සමුළුවේ සක්‍රිය ප්‍රතිඵල සඳහා වැදගත් දායකත්වයක් දක්වා ඇතැයි ද  මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.   



ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම