චීන-කෙන්යා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
2023-12-14 19:37:46
Share with:

චීනය හා කෙන්යාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනාධිපතිවරු සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.

මෑත වසරවල චීනය හා කෙන්යාව අතර උසස් පෙළේ හුවමාරු වර්ධනය වීමත් සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වූ බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (14) යොමු කළ එම සුබපැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කරයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් දෙරට සරු සහයෝගතා ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් විය. දෙරටේ ජනතාවට සුබසෙත උදා කළ එම සහයෝගතාව චීන-අප්‍රිකානු සහයෝගතාවන්හි ආදර්ශනයක් බවට ද පත් ව තිබේ. කෙන්යාව සමග පවතින සම්බන්ධතාවට තමා ඉහළ අවධානයක් යොමු කරන බව ෂී ජින්පිං මහතා කියාසිටී. නවයුගයේ පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-කෙන්යා ප්‍රජාවක් ගොඩනැගීම සඳහා,  60 වැනි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සංවත්සරය අලුත් ආරම්භයක් ලෙස ගෙන ස්වයං සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට යමින් විශේෂ ලක්ෂණ සහිත සහයෝගතා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට William Samoei Ruto ජනාධිපතිවරයා සමග එක්ව උත්සාහ දරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගෙවී ගිය වසර 60 තුළ කෙන්යාව හා චීනය අතර ආර්ථික සහයෝගතාව හා සංස්කෘතික හුවමාරු පොහොසත් ජයග්‍රහණ දිනාගෙන ඇතැයි කෙන්යා ජනාධිපති William Samoei Ruto මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. තුන්වැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සංසදයේ දී හා Johannesburg හි නායක හමුවේ දී එළඹුණු එකඟතා චීනය සමග එක්ව ක්‍රියාවට නැංවීමට තම රට කටයුතු කරන බව ද ඔහු කියාසිටී.   

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම