රට ගොඩනැගීමට ආණ්ඩුව ගත් මග හැර වෙනත් මගක් නැතැයි ජනපති කියයි
2023-12-14 18:16:24
Share with:

 

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැගීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙනු ඇතැයි ද හෙතෙම කියාසිටී.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (13) කළ විශේෂ ප්‍රකාශයේ දී  ජනාධිපතිවරයා මේ අදහස් පළකළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය අනුමත වීමත් සමඟ මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත ශක්තියක් ඇති කරන තැන්පතු රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක් හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එමඟින් මෙරට බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය 100% කින් සුරක්ෂිත වන බවද පැවසීය.

මේ අසීරු කර්තව්‍යයේ දී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රටේ ජනතාව නොයෙක් අපහසුතාවන්ට මුහුණදෙමින් තමාට සහය දුන් බව ද ජනාධිපතිවරයා කියාසිටියේය. සියලුදෙනාගේ කැපවීම් තුළින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළකළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම