සංහිඳියා යාන්ත්‍රණවලට පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි රාජ්‍ය නොවන සංවිධාන වෙත ඉල්ලීමක්
2023-12-14 18:14:51
Share with:

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය  සහ හානිපූර්ණ කාර්යාලයේ සංහිඳියා යාන්ත්‍රණයන්ට පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලීමක් කෙරේ.  රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා මෙසේ ඉල්ලා සිටියේ මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පසුගිය දිනවල පැවති දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ රැස්වීම්වලට එක්වෙමිනි.

ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන සත්‍ය හා සංහිඳියා කොමිසමට ද උපරිම සහයෝගය ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමටත්, නැවත එවැනි යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමටත් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කෙරිණ.

මීට අදාළ වැඩසටහන් හා ව්‍යාපෘති පෙළ ගැසිය යුතු ආකාරය මෙන්ම ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණ හා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය මග පෙන්වීම ද මෙහිදී සිදුකෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම