චීනයේ සම්බන්ධීකරණය යටතේ මියන්මාර යුද හමුදාව තාවකාලික සටන් විරාමයකට එළඹෙයි
2023-12-14 20:14:43
Share with:

චීනයේ සම්බන්ධීකරණය යටතේ මියන්මාර යුද හමුදාව,  Kokang, Ta'ang, හා Arakan යුද සංවිධාන සමඟ තාවකාලික සටන් විරාමයකට එළඹෙයි. 

චීන විදේශ අමාත්‍යාංශය අද (14) පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව පැවසුවාය. 

චීනයේ සහය ඇතිව, මියන්මාර රජය, Kokang, Ta'ang, හා Arakan යන යුද සංවිධාන සමඟ හමුවක් පැවැත්වූ බවට මියන්මාර යුද හමුදා ප්‍රකාශකයා දැක් වූ අදහසක් පසුගියදා මාධ්‍ය වාර්තාවන් හි පළ වූ අතර මේ පිළිබඳව සනාථ කළ හැකි දැයි එම මාධ්‍ය වේදියා විමසීය.

එහිදී මාඕ නිං මහත්මිය පැවසුවේ, උතුරු මියන්මාරයේ සාම ක්‍රියාදාමයට ස්ථීරව සහාය දෙන චීනය මියන්මාරයේ අදාළ පාර්ශ්ව අතර සංවාද පැවැත්වීම සඳහා අඛණ්ඩව අනුග්‍රහය ලබා දෙමින් සිටින බවයි.චීනයේ සම්බන්ධීකරණය යටතේ, මියන්මාර යුද හමුදාව අදාළ යුද සංවිධාන සමග චීනයේ දී සාම සාකච්ඡා පවත්වා තාවකාලික සටන් විරාම ගිවිසුමකට එළඹ ඇත.

එම ගිවිසුම හා පොදු එකඟතා ක්‍රියාත්මක කිරීම කඩිනම් කර උපරිම සංයමයකින් ක්‍රියා කරමින් වර්තමාන තත්ත්වය මැඩපැවැත්වීම චීනයේ බලාපොරොත්තුව බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය. ඇතිවිය හැකි හදිසි ගැටුම් ඉක්මණින් පාලනය කරමින් උතුරු මියන්මාරයේ පවතින යුද වාතාවරණය නිසි ආකාරයෙන් සමනය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය. 



ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම