චීන යුද ගුවන් යානා ජාත්‍යන්තර මුහුදු කලාපය මතින් නිත්‍ය තරණ සිදුකිරීම ජාත්‍යන්තර නීතියට අනුකූල වන බව චීනය කියයි
2023-12-14 20:15:41
Share with:

චීන යුද ගුවන් යානා ජාත්‍යන්තර මුහුදු කලාපය මතින් නිත්‍ය තරණ සිදු කිරීම ජාත්‍යන්තර නීතියට අනුකූල වන බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී Reuters ආයතනයේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චීන යුද ගුවන්යානා දෙකක් හා රුසියානු යුද ගුවන්යානා හතරක් 14 වැනිදා දකුණු කොරියානු ගුවන් ආරක්ෂණ කලාපයට පිවිසීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සිය ප්‍රහාරක යානා ගුවන්ගත  කර ඇතැයි දකුණු කොරියානු හමුදාව පැවසූ බව සඳහන් කළ එම මාධ්‍යවේදියා විමසා සිටියේ ඒ පිළිබඳව චීනයේ අදහස යි. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම