ඇමරිකාව ඔත්තු බැලීම පුළුල් කිරීම පිළිබඳ චීනයේ ප්‍රතිචාරය
2023-12-14 17:27:45
Share with:

ඇමරිකාව තම ඔත්තු බැලීමේ ක්‍රියා පුළුල් කිරීමත් සමඟ එරට සතු මිතුරන් සංඛ්‍යාව අඩු වනු ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ පැවසුවේ අද(14) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.

ඇමරිකානු ඔත්තු සේවා ආයතන, විදේශයන්හි සිටින ඇමරිකානු නොවන පුරවැසියන්ට අවසරයකින් තොරව සවන්දීම හා අන්තර් ජාතික අධීක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා ඇති නෛතික සහතිකය වන එරට FISA නීතියේ අංක 702 දරන වගන්තිය පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙක් චීනයේ අදහස විමසීය.

ඇමරිකානු රජය ඔත්තු බැලීම තවදුරටත් පුළුල් කරමින් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට හා අන්තර් ජාතික ගැටළුවලට මැදිහත් වීමේ ක්‍රියාවලිය, ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්ට පටහැනි වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය කියා සිටියාය. ඔත්තු බැලීම පුළුල් කිරීමත් සමඟ මිතුරන් සංඛ්‍යාව අඩු වනු ඇති බවත්, ඇමරිකාවට තම හැසිරීම් සීමා පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම