සරණාගතයින්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් එක් වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්
2023-12-14 10:31:07
Share with:

දෙවන ගෝලීය සරණාගත සංසදය ඊ‍යේ(13) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් Filippo Grandi මහතා එහි සමාරම්භක උළෙලට එක්වෙමින් ප්‍රකාශ කළේ, බලහත්කාරයෙන් සිදු වන අවතැන්වීම් සහ සරණාගත ගැටලු ඇතිවීමට බලපාන මූලික හේතු පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

ලෝකයේ බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ ගැටුම්වලට සම්බන්ධ පාර්ශ්වයන්ට සහ බලගතු රාජ්‍යයන්ට ගැටුම් සඳහා දේශපාලන විසඳුමක් නොමැති බැවිනි. විශේෂයෙන් ගාසා තීරය ප්‍රධාන මානුෂීය ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් සිවිල් වැසියන්ගේ ජීවිත හානි සහ අවතැන්වීම් විශාල ප්‍රමාණයක් සිදුවනු ඇතැයි Filippo Grandi මහතා පැවසීය.

සුඩානය, සිරියාව සහ ඇෆ්ගනිස්ථානය යන කලාපවල හදිසි මානුෂීය ගැටළු සහ සරණාගත අර්බුද පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සැලකිලිමත් විය යුතු ය. ලොව පුරා සිටින සරණාගතයින්ට ලැබිය යුතු අවධානය සහ සහයෝගය ලැබෙන බව සහතික කරමින්, ශක්තිමත්ව සහ සාමුහිකව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව යොමු කරවීමට මෙවර සංසදයට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව Filippo Grandi මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම