මෙරට සියලු කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීමට පියවර
2023-12-14 18:17:28
Share with:

ලබන ජනවාරි මාසයේ දී මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීමට පියවර ගැනේ. ඒ සඳහා පශු සම්පත් සංවර්ධන මාසයක් ප්‍රකාශයට පත් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දී තිබේ. පශු සම්පත් නිෂ්පාදනය ක්‍රමවත්ව හා ගුණාත්මකව සංවර්ධනය කිරීම එහි අරමුණයි.

දැනට සත්ත්ව ගොවිපොළ 290,000 ක් පමණ පැවතිය ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ ඉන් 58 000 ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි. කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා ලබාගැනීම එම කිරි ගොවීන්ට අපහසු වී තිබේ.

දැනට  කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇත. ඒ, යැපුම් මට්ටම, සතුන් 100-1000 දක්වා සහ සතුන් 1000ට වැඩි යනාදී  වශයෙනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම