චීන-රුසියා සංස්කෘතික සහ මානව සහයෝගීතාව ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික සැලසුම්
2023-12-14 10:06:03
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික Shen Yiqin මහත්මිය සහ රුසියානු නියෝජ්‍ය අගමැති Tatyana Golikova මහත්මිය ඊයේ(13) චීන-රුසියා මානව ශාස්ත්‍ර සහයෝගීතා කමිටුවේ 24 වැනි සැසිවාරයට මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟත්වය පළ කළහ.දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින්ගේ වැදගත් එකඟතාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු අතර චීන-රුසියා සංස්කෘතික සහ මානව සහයෝගීතාවයේ උසස් සංවර්ධනය සාක්ෂාත් කර ගත යුතු බව ද ඔවුහු එහිදී පැවසූහ. 

චීනය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය ලබන වසරේදී සනිටුහන් කරන බව Shen Yiqin මහත්මිය එහිදී සිහිපත් කළාය. මෙය දෙරටේ සන්නිවේදන යාන්ත්‍රණය සහ සහයෝගීතා සැලසුම් ප්‍රවර්ධනයට අවස්ථාවක් කර ගනිමින්, 2024-2025 චීන-රුසියා සංස්කෘතික වසර ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියාය. එය චීන-රුසියා සංස්කෘතික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් වනු ඇති බව ද ඇය පැවසුවාය. 

එහිදී Tatyana Golikova මහත්මිය කියාසිටියේ අතීතයේ සිට දෙරට අතර පවතින මිත්‍රත්වය ප්‍රවර්ධනය කරමින් චීනය සමග ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට රුසියාව අපේක්ෂා කරන බවයි. අදාළ ක්ෂේත්‍රවල සහයෝගීතා ගිවිසුම් රුසකට ද දෙපාර්ශ්වය මෙහිදී එකඟත්වය පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම