තායිවාන සමුද්‍ර සන්ධිය හා දකුණු චීන මුහුදු කලාපයට අදාළ ප්‍රශ්නවල දී ඇමරිකාව වගකීම් සහගතව හැසිරිය යුතු බව චීනය කියාසිටී
2023-12-14 18:40:16
Share with:

තායිවාන සමුද්‍ර සන්ධිය හා දකුණු චීන මුහුදු කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම් සහගතව හැසිරිය යුතු බව චීනය පවසයි.

චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක චාං ෂියාඕගං මහතා මෙසේ ප්‍රකාශ කළේ අද (14) පැවති මාධ්‍ය හමුවක දීය.

පසුගිය දා පළ වූ මාධ්‍ය වාර්තාවකට අනුව, ඇමරිකානු Gilfors යුද නෞකාව නීතිවිරෝධීව රෙන්අයි ගල්පර ආශ්‍රිත මුහුදු කලාපයට පිවිසීම චීනයේ දෝෂ දර්ශනයට ලක්වීමෙන් පසු ඇමරිකාව ප්‍රකාශ කර තිබුණේ, ජාත්‍යන්තර නීතියට අනුව දකුණු චීන මුහුදු කලාපයේ හා තායිවාන සමුද්‍ර සන්ධි ඇතුළු ජාත්‍යන්තර මුහුදු කලාපයන්හි තම ක්‍රියා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. මේ පිළිබඳව චීනයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියෙක් එම මාධ්‍ය හමුවේ දී විමසීය.

චීන රජයේ අවසරයෙන් තොරව ඇමරිකානු යුද නෞකාව නීති විරෝධීව රෙන්අයි ගල්පර ආශ්‍රිත මුහුදු කලාපයට පිවිසීමෙන් චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාවට බරපතල හානි එල්ල වූ බව  චාං ෂියාඕගං මහතා කියා සිටියේය. ඇමරිකාවේ ක්‍රියා ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතා මූලික නීති උල්ලංඝනය කර ඇති අතර එය කලාපීය සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමට ගත් උත්සාහයකි. ඕනෑම රටකට ජාත්‍යන්තර නීතියට අනුව දකුණු චීන මුහුදු කලාපයේ නාවික හා ගුවන් තරණය සඳහා ඇති අයිතීන්ට චීනය ගරු කරයි. එහෙත් නාවික හා ගුවන් තරණ නිදහසේ මුවාවෙන් තම රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාවට හානි කිරීමේ ප්‍රයත්නයන්ට චීනය දැඩි ලෙස එරෙහි වනු ඇත. චීන ඇමරිකානු නායක දෙපළ එළඹුණු වැදගත් එකඟතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් දෙරට හමුදා අතර සම්බන්ධතාවයේ විධිමත් හා ස්ථාවර වර්ධනය වෙනුවෙන් ඉවහල් වන වාතාවරණයක් නිර්මාණය කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චාං ෂියාඕගං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම