ඉහළ මට්ටමේ විවෘතභාවය යළි සහතික කළ චීනයේ 2024 ආර්ථික කාර්ය සමුළුව
2023-12-14 11:54:21
Share with:

             ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ආර්ථික ප්‍රතිපත්තිය නිරතුරුව ගෝලීය අවධානයට ලක් වේ. පසුගිය දා චීන මධ්‍යම රජය පැවැත්වූ ආර්ථික කාර්ය සමුළුවට ගෝලීය අවධානය හිමි වූයේ එබැවිනි. එම සමුළුව මගින් එළඹෙන 2024 වසරේ චීනයේ ආර්ථික කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ පැහැදිලි මඟපෙන්වීමක් ලබාදී ඇත. 2024 වසරේ රටේ ආර්ථිකය ස්ථාවර ලෙස පවත්වාගෙන යන අතර යම් ප්‍රගතියක් අත්කර ගැනීමටත්, එම ප්‍රගතිය හරහා ආර්ථිකය වඩාත් ස්ථාවර කිරීමටත්, එමගින් සැලසුම් කෙරේ.

             ‍ගෝලීය ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසුවන පසුබිමක රටක ආර්ථික වර්ධනයට වඩාත් ගාමක ශක්තියක් එක් කරනුයේ විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය මගිනි. චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුව නියම කර ඇති පරිදි එළඹෙන වසරේ චීනයේ ප්‍රධාන ආර්ථික කටයුතු නවය අතරින් විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය මගින් නවීන කාර්මික පද්ධතිය සංවර්ධනය කිරීම කැපී පෙනේ.එමගින් විදෙස් ආයෝජකයන්ට චීනයේ ව්‍යාපාර පවත්වාගෙන යාමට වඩාත් පුළුල් සංවර්ධන අවකාශයක් සැලසේ.

             ‍මේ වසරේ Tesla, JP Morgan Chase, Apple, Qualcomm වැනි බහුජාතික සමාගම්වල විධායක නිළධාරීන් විශාල පිරිසක් චීනයේ සංචාරය කර තිබේ. චීනයට හිමි දැවැන්ත වෙළඳපොල කෙරෙහි ඔවුහු දැඩි විශ්වාසයක් තබා සිටිති. 2024 වසරේ චීනයේ පරිභෝජනය අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි චීන බැංකු පර්යේෂණ ආයතනය ඉකුත් 12වන දින නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එහෙයින් දැවැන්ත පාරිභෝගික පිරිසක් සිටින චීනය විදෙස් ආයෝජකයන්ට තව තවත් විශාල ලාභයක් ලබාදීමේ හැකියාව ඉදිරියේදී පවතින බවට  විශ්වාස කෙරේ.

               මෙවර ආර්ථික කාර්ය සමුළුව නියම කළ 2024 වසරේ ආර්ථික කටයුතුවලින් චීන රජය නොසැලී ඉහළ මට්ටමේ විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ දැඩි අධිෂ්ඨානය ද පෙන්නුම් කර ඇත. විදුලි සන්දේශ හා වෛද්‍ය ඇතුළු සේවා කර්මාන්ත සඳහා වෙළඳපොල ප්‍රවේශය ලිහිල් කිරීම, ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතියෙන් යුත් ආර්ථික හා වෙළඳ නීතිරීති පිළිබඳ සලකා රෙගුලාසි සකස් කිරීම,  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාමාර්ග 8ක් ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් චීනයේ විවෘත ආර්ථිකයක් පවත්වාගෙන යාමේ අධිෂ්ඨානය මැනවින් පිළිබිඹු වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම