පලස්තීනය සහ ඊශ්‍රායල අතර වහා සටන් විරාමයක් ඇති කළ යුතු බවට වූ යෝජනාව ඉහළ බහුතර ඡන්දයෙන් සම්මතයි
2023-12-13 09:16:16
Share with:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි හදිසි විශේෂ සැසිවාරය ඊයේ (12) පැවති අතර පලස්තීනය සහ ඊශ්‍රායලය අතර වහා සටන් විරාමයක් ඇති කළ යුතු බවට වූ යෝජනාව ඉහළ බහුතර ඡන්දයෙන් සම්මත විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ සභාපති Dennis Francis මහතා ඡන්ද විමසීමට පෙර සිය කතාවේදී කියා සිටියේ ගාසා තීරයේ වත්මන් මානුෂීය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවයි. එහි දැකිය හැක්කේ ජනතාවට පහර දීමක් සහ ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස නොසලකා හැරීමකි. ප්‍රචණ්ඩත්වය පවතිනතාක් දේශපාලන විසඳුම ප්‍රමාද වන අතර ඝාතන නතර කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් අරාබි රටවල් එක්ව යෝජනා කර ඇති නව කෙටුම්පතට චීනය ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවක් සම අනුග්‍රහය දක්වා ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම