අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (13)
2023-12-13 15:47:56
Share with:

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පස්වරුවේ පැවැත්වේ.

2024 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පත ඉකුත් නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

ඉන් අනතුරුව නොවැම්බර් 21 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවති අතර, එදින පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ වූයේ නොවැම්බර් 22 වැනිදා යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම