පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට ආයතන 13 ක ඒකාබද්ධ කමිටුවක්
2023-12-13 15:57:24
Share with:

වසර 2030 වන විට ජාතික වශයෙන් නිර්ණය කළ ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සපුරාලීමට රජය පියවර ගෙන ඇත.

දැනට පවතින ක්‍රමවේද අනුගමනය කරමින් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී  ගත වන කාලය මෙන්ම ආයෝජකයන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ ඒවා කාර්යක්ෂම හා කඩිනම් ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට ආයතන 13 ක නියෝජනයෙන් ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත්කෙරෙනු ඇත. ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාල, මුදල්, ආයෝජන ප්‍රවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ද මීට ඇතුළත් ය. 

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම