නන්ජිං සමූල ඝාතනයෙන් මියගිය පිරිස සිහිපත් කිරීමේ ජාතික අනුස්මරණ උත්සවයක්
2023-12-13 19:14:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය  නන්ජිං සංහාරයේ වින්දිතයන් සැමරීමේ ජාතික අනුස්මරණ උත්සවයක් පවත්වයි. එය අද (13) උදෑසන නන්ජිං නගරයේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උපසභාපති Li Hongzhong මහතා එම උත්සවයට සහභාගි වී දේශනයක්  පැවැත්වීය.

ජපන් ආක්‍රමණිකයන්‍ විසින් සිදුකෙරුණු නන්ජිං සංහාරයේ වින්දිතයන් පිළිබඳ අනුස්මරණ ශාලාව පිහිටි චතුරස්‍රයේ දී එම උත්සවය පැවැත්විණ. උදෑසන 10 ට චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ගීයෙන් එය ආරම්භ විය. ඊට එක් වූ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ 8000 ක පමණ පිරිසක් මියගිය අය වෙනුවෙන් තම සංවේගය පළ කළහ.

අනතුරුව, එම ශෝකජනක දිනය සිහිපත් කරමින් ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සයිරන් නාදය නගරය සිසාරා පතුරුවනු ලැබීය. සියලු මෝටර් රථ නතර කර නලා නාද කෙරුණු අතර, පදිකයෝ ද නිහඬ ව තම ශෝකය පළ කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම