අප්‍රිකානු හා ගෝලීය ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් චීනය ලබා දෙන දායකත්වයට ජාත්‍යන්තර පැසසුම්
2023-12-13 11:04:46
Share with:

අප්‍රිකානු හා ගෝලීය ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් චීනය විශාල දායකත්වයක් ලබා දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීහු පවසති.

කොංගෝ ජනරජයේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත Mamadou Mbaye මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ කොංගෝ ජනරජයේ චීන තානාපතිනි Li Yan මහත්මිය සමග චීන රජයේ ආහාර සැපයීමේ ව්‍යාපෘතිය අවසන් කිරීමේ සහතිකයට අත්සන් තැබීමේ උළෙලට පසුගිය 11වැනිදා එක්වෙමිනි.

අප්‍රිකානු රටවල් දුෂ්කරතාවන්ට මුහුණ දීමේදී චීනය නිරන්තරයෙන් ම නිසි කලට සහාය ලබා දෙන බව ඔහු සඳහන් කළේය. චීනය, ජගත් ආයතන සමග අප්‍රිකාවේ සහයෝගිතා ව්‍යාපෘති රැසක් පවත්වා ගෙන යන අතර, එය අප්‍රිකානු ජනතාවගේ ඉහළ පැසසුමට ලක්ව ඇති බව ද Mamadou Mbaye මහතා ප්‍රකාශ කර ඇත.

2021 වසරේ ජූලි මාසයේ චීන රජය, ලෝක ආහාර වැඩසටහන සමග එක්ව ආහාර ආධාර සැපයීමේ ගිවිසුමකට අත්සන් කළේ ය. නව කොරොනා වසංගතයෙන් බලපෑමට ලක් වූ කොංගෝ ජනතාවට සහයක් දැක්වීම එහි අරමුණ විය. මෙම වසරේ අගෝස්තු මාසයේ එම ව්‍යාපෘතිය සාර්ථක ව අවසන් විය. එමගින් එරට එක්ලක්ෂ හැටඅටදහසක ජනතාවට ප්‍රතිලාභ හිමි වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම