චීන ජනපති සහ වියට්නාම කොංග්‍රසයේ සභාපති අතර හමුවක්
2023-12-13 10:49:55
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම කොංග්‍රසයේ සභාපති Vương Đình Huệ මහතා හමු වේ.

එම හමුව අද(13) උදෑසන හැනොයි අගනුවරදී පැවැත්විණ.

වියට්නාමය තම රටේ තත්වයට ගැලපෙන සමාජවාදී මාවත ඔස්සේ ඉදිරියට ‍සංවර්ධනය කිරීම සඳහා චීනය ස්ථීර සහයෝගය ලබාදෙන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. මහලේකම් Nguyen Phu Trong මහතා ප්‍රමුඛ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ වියට්නාම ජනතාව සමාජවාදී සංවර්ධනයේ නව හා විශාල ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය.

චීන-වියට්නාම විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 15 වැනි සංවත්සරය මේ වසරට යෙදේ. ඉදිරි අදියරේ දී දෙපාර්ශ්වය නීති සම්පාදනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීමට බලා‍පොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම