චීන-වියට්නාම ජනපති ආර්යාවන් දෙපළ හැනොයි ජාතික විශ්වවිද්‍යාලයේ චාරිකාවක
2023-12-13 15:17:08
Share with:

චීන ජනපති ආර්යාව සහ වියට්නාම ජනපති ආර්යාව හැනොයි  ජාතික විශ්වවිද්‍යාලයේ චාරිකාවකට එක්වෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආර්යාව වන පෙන්ග් ලීයුවාන් මහත්මිය සහ වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතාගේ ආර්යාව වන  Phan Thị Thanh Tâm මහත්මිය අද (13) වියට්නාම හැනොයි ජාතික විශ්වවිද්‍යාලය නැරඹූහ. එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා ජාත්‍යන්තර හුවමාරු පිළිබඳව පෙන්ග් ලීයුවාන් මහත්මිය එහිදී කරුණු විමසා සිටියාය. අධ්‍යාපන හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කර,  අධ්‍යාපනය ලැබීම සඳහා චීනයට පැමිණෙන ලෙස වියට්නාම තරුණයන්ට ඇරයුම් කරන බවත්, එමගින් අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය ශක්තිමත් වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. 

පෙන්ග් ලීයුවාන් මහත්මිය හා Phan Thị Thanh Tâm මහත්මිය එහි චීන භාෂාව හදාරන වියට්නාම සිසුන් සමඟ සුහද කතාබහක ද නිරත වූහ. සිසුන්ගේ චීන භාෂා නිපුණතා හා දක්ෂතා පෙන්ග් ලීයුවාන් මහත්මියගේ පැසසුමට ලක්විය. චීන -වියට්නාම සංස්කෘතික හුවමාරු දූතයන් ලෙස ක්‍රියා කරමින් දෙරට මිත්‍රත්වය ඉදිරියට ගෙන යන ලෙස චීන ජනපති ආර්යාව ඔවුන් දිරිමත් කළාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම