චීන ජනපති සහ ආර්යාව චීන-වියට්නාම තරුණ නියෝජිතයන් හමුවෙති
2023-12-13 16:38:37
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙන්ග් ලීයුවාන් මහත්මිය චීන හා වියට්නාම දෙරටේ තරුණ නියෝජිතයන් හා චීනයට හිතැති මිත්‍රශීලී පුද්ගලයන් හමුවෙති.

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා හා ඔහුගේ ආර්යාව එම අවස්ථාවට ද එක් වූහ.

උපායමර්ගික වශයෙන් වැදගත් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනගන බවට, ඊයේ (12) Nguyen Phu Trong මහතා සමඟ එක්ව ප්‍රකාශ කළ බව ෂී ජින් පිං මහතා අද (13) පස්වරුවේ පැවති එම හමුවේ දී පැවසීය. එය ලෝක සමාජවාදයේ පුනර්ජීවනය සහ දෙරටේ තිරසර සාමය හා ස්ථාවරත්වය සඳහා වන වැදගත් උපායමාර්ගික තීරණයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එය දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර, දෙරට ජනතාවගේ පොදු ප්‍රතිලාභ හා අපේක්ෂාවන්ට ගැලපෙන බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම