මැඩගස්කරයේ ජනපති දිවුරුම් දීමේ උළෙලට චීන ජනපතිගේ විශේෂ දූතයෙක්
2023-12-13 19:31:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ දූතයෙකු මැඩගස්කාර ජනපතිගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (13) මේ බව ප්‍රකාශ කළාය.  

 මැඩගස්කරයේ නව ජනාධිපති Andry Nirina Rajoelina මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා‍ගේ විශේෂ දූත, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති හූ චුන්හුවා මහතා ජනපති දිවුරුම් දීමේ උත්සවයට එක්වනු ඇත. එම උත්සවය එළඹෙන 16 වැනිදා ඇන්ටනානරිවෝ අගනුවර දී  පැවැත්වීමට නියමිත බව ද මාඕ නිං මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම