පිලිපීනයේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට අනුබල දෙන ඇමරිකාව කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2023-12-13 18:30:29
Share with:

පිලිපීනය චීන මුහුදු කලාපයේ සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට අනුබල දීම සම්බන්ධයෙන්  චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, හුවාන්ග්යැන් දූපත හා රෙන්අයි ගල්පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ චීනය නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඇමරිකාව කළ ‍චෝදනා පිළිබඳව අද (13) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඇමරිකාව සත්‍ය තත්ත්වය නොතකා පිලිපීනයේ ප්‍රකෝපකාරී ක්‍රියා වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව ඇය අවධාරණය කළාය.  හුවාන්ග්යැන් දූපත හා රෙන්අයි ගල්පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශය පිළිබඳ ස්වාධිපත්‍යය චීනය සතු බව අවිවාදිත සත්‍යයකි. 

දෙසැම්බර් 9 වැනිදා පිලිපීනයේ රාජ්‍ය නෞකා තුනක් චීනයේ අවසරයකින් තොරව එම ප්‍රදේශයට පිවිසිණ. එහිදී චීන මුහුදු පොලීසිය අනිවාර්ය පියවර ගත් අතර එය වෘත්තීයමය මෙන්ම සංයමයෙන් යුතු නීත්‍යනුකූල ප්‍රතිචාරයක් බව ද මාඕ නිං මහත්මිය පෙන්වා දුන්නාය.

ඇමරිකාව කලක් තිස්සේ පිලිපීනයේ එවන් ප්‍රකෝපකාරී මෙහෙයුම්වලට සහාය දැක්වීය. ඇමරිකාවේ එම ක්‍රියාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති අතර කලාපීය සාමය හා ස්ථාවරත්වයට එමගින් බරපතල හානියක් සිදුවන බව ද මාඕ නිං මහත්මිය අවධාරණය කළාය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම