චීන-ඉන්දීය දේශසීමාවේ බටහිර ප්‍රදේශය චීනයට අයත් ය යන සත්‍යය ඉන්දියාවට වෙනස් කළ නොහැකි බව චීනය කියයි
2023-12-13 17:32:15
Share with:

චීන-ඉන්දීය දේශසීමාවේ බටහිර ප්‍රදේශය චීනයට අයත් ය යන සත්‍යය ඉන්දියානු දේශීය අධිකරණ තීන්දුවකින් වෙනස් කළ නොහැකි බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය. ඉන්දියානුවන් පිරිසකගේ ඉල්ලීම අනුව, ඉකුත් 11 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කර ඇත. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 370 දරන වගන්තිය අවලංගු කිරීමේ තීන්දුවට එමගින් අනුබල දී ඇති අතර, හැකි ඉක්මණින් Jammu හා Kashmir ප්‍රදේශයට “ ප්‍රාන්ත” පිළිගැනීම “යළි” ලබාදෙන ලෙස ද ඉන්දීය රජයට නියෝග කර ඇත.එමෙන්ම 2019 වසරේ ඉන්දියාව Ladakh ප්‍රදේශය ඊනියා “මධ්‍යම රජයේ සෘජු පරිපාලන කලාපයක්” ලෙස ස්ථාපිත කිරීම නීත්‍යනුකූල වන බවද එම තීන්දුවේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළේ ඉන්දියාව ඒකපාර්ශ්විකව ඊනියා “Ladakh මධ්‍යම රජයේ සෘජු පරිපාලන කලාපය” ස්ථාපිත කිරීම චීනය පිළිනොගන්නා බවයි. ඉන්දියාවට  දේශීය අධිකරණ තීන්දුවක් මගින් චීන-ඉන්දීය දේශසීමාවේ බටහිර ප්‍රදේශය චීනයට අයත් ය යන සත්‍යය වෙනස් කළ නොහැකි බවද ඇය අවධාරණය කළාය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම