චීන ජනපති සහ වියට්නාම ජනපති අතර සාකච්ඡාවක්
2023-12-13 12:43:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.

ඊයේ (12) දින මහලේකම් Nguyen Phu Trong මහතා සමග දීර්ඝකාලීන මෙන්ම ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගත් අතර උපායමාර්ගික වැදගත්කමක් සහිත චීන-වියට්නාම් හවුල් අනාගත ප්‍රජාවක් පිහිටුවීම ප්‍රකාශයට පත් කළේය.  එමගින් දෙරටේ ඒකාබද්ධ සංවර්ධනයේ නව අදියරක් විවෘත කිරීමට හැකි වූ බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. මෙය දෙරටේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන සහ ද්විපාර්ශ්වික සබඳතාවල දිශානතියට අනුගත වන පක්ෂ දෙකේ සහ දෙරටේ ඉහළ නායකයන්ගේ වැදගත් සහ ඓතිහාසික තීරණයක් බව ද ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

නව ඓතිහාසික ආරම්භක ලක්ෂ්‍යයක සිට වියට්නාමය සමග උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමට සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි උපායමාර්ගික වැදගත්කමක් ලබා දෙන චීන-වියට්නාම හවුල් අනාගත ප්‍රජාවක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින  බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

එම සාකච්ඡාව අද(13) උදෑසන හැනොයි අගනුවර ජනපති මන්දිරයේ පැවැත්විණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම