ඇමරිකාවෙන් යුක්රේනයට තවත් හමුදා ආධාර
2023-12-13 09:40:02
Share with:

ධවල මන්දිරය ඊයේ(12) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එරට ජනාධිපති Joe Biden මහතා එදින යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා හමුවූ බවයි. එහිදී යුක්රේනය සඳහා නව ආරක්ෂක ආධාර පැකේජයක් නිවේදනය කෙරිණ.

දෙපාර්ශ්වය එදින පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට අනුව, ඇමරිකාව හැකිතාක් දුරට යුක්රේනයට තීරණාත්මක ආයුධ සහ උපකරණ සැපයීම අඛණ්ඩව සිදු කරනු ඇත. එදින අනුමත වූ ඇ.ඩොලර් මිලියන 200ක් වටිනා අතිරේක ගුවන් ආරක්ෂක ප්‍රහාරක, කාලතුවක්කු සහ පතොරම් යනාදිය ඊට අතුළත්ය.

මේ පිළිබඳ රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය පෙන්වා දුන්නේ, විශේෂ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව, යුක්රේනයට ලබා දී ඇති ඇමරිකානු අරමුදල්වල සමස්ත ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 113 ක් පමණ වන බවයි. ඇමරිකානු රජයට අනුව, ඉන් අඩක් හමුදා සැපයුම් සඳහා භාවිත කරන අතර, ඉතිරිය යුක්රේන රජයට සහ ආර්ථිකයට සහාය වීමට භාවිත කෙරේ. මෙය "මුදල් ලබා ගැනී‍මේ" අපරාධ සැලැස්මක් බව සමස්ත ලෝකයටම අවබෝධ වී තිබේ. මෙවැනි ආයෝජනයන්හී ප්‍රතිඵලය, දහස් ගණනක ජීවිත අහිමිවීම, ක්ෂය වූ යුරේනියම් බෝම්බ ශේෂ වලින් දූෂිත වූ හා බිඳුනු යුක්රේනයක් බව, Maria Zakharova මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම