IMF දෙවැනි වාරිකයට අනුමැතිය හිමි වේ
2023-12-13 15:54:31
Share with:

රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලධාරීන් දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (13) පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ, විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 

මේ පිළිබඳව සතුටුවන බව පැවසූ ජනාධිපතිවරයා කියාසිටියේ බංකොලොත් භාවයෙන් මිදීමට ශ්‍රී ලංකාව තීරණාත්මක පියවර ක්‍රියාවට නංවා ඇතැයි ඔවුන්  පිළිගන්නා බවයි.  ඒ ගමනේ සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ද ඔවුන් පවසා ඇත. එම අභියෝගාත්මක කාර්යයට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන තමා නිහතමානීව සතුටු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.  

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර බොහෝ කැපවීම් ඉටු කර ඇතැයි එම අරමුදලේ  ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෘවර් මහතා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට  පත්වන බැවින් ණය මුදලේ දෙවැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදල කඩිනමින් ලබාදීමට විධායක කමිටුව  අනුමැතිය දුන් බව ද ඒ මහතා පවසා තිබේ. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම