චීන ජනපති හා වියට්නාම අගමැති අතර හමුවක්
2023-12-13 14:23:48
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, වියට්නාම අග්‍රාමාත්‍ය Phạm Minh Chính මහතා හමුවෙයි. එම හමුව (13) හැනොයි අගනුවර දී පැවැත්විණ.

තමා වියට්නාම සංචාරයක නිරත වන්නේ වසර 6 කට පසුව බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. වියට්නාමයේ අඛණ්ඩ නව වර්ධනය හා නව වෙනස්කම්  පිළිබඳව හෙතෙම සතුට පළ කළේය.

චීන-වියට්නාම සබඳතාව අඛණ්ඩව යහපත් වෙමින් පවතී. ෂී ජින් පිං මහතා වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් Nguyen Phu Trong මහතා සමග ඊයේ (12) පක්ෂ දෙකට සහ ‍රටවල් දෙකට අදාළ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සම්බන්ධ ගිවිසුම් අත්සන් තැබීම තුළින් එය මැනැවින් සනාථ වෙයි. එසේම, උපායමාර්ගික පදනමක් මෙන්ම පොදු ඉරණමක් සහිත චීන වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම දෙරටේ නායකයෝ ඒකාබද්ධව ප්‍රකාශ ක‍ළහ. ඉන් නව යුගයේ චීන-වියට්නාම සබඳතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කෙරෙනු ඇත. දෙරට ජනතාවට සුබසෙත සැලසීමටත්, කලාපීය හා ලෝක සාමයේ ස්ථාවරත්වය හා සංවර්ධනයට සක්‍රිය දායකත්වය ලබාදීමටත් පියවර ගන්නා බව ද ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම