ලබන වසරේ චීනයේ ආර්ථික දැක්ම‍
2023-12-13 21:19:04
Share with:

සෑම වසරක්  අවසානයේ ම පැවැත්වෙන චීන මධ්‍යම ආර්ථික කටයුතු සමුළුව දෙස් විදෙස් පුද්ගලයන්ට චීන ආර්ථිකයේ වර්ධන දිශානතිය නිරීක්ෂණය කළ හැකි වැදගත් කවුළුවක් ලෙස සැලකේ. පසුගිය 11, 12 දෙදින  වසර 2023 මධ්‍යම ආර්ථික කටයුතු සමුළුව නියමිත කාලයට අනුව බෙයිජිංහි දී පැවැත්විණ. 

ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැදගත් දේශනයක් පැවැත්වීය.

රටේ සංවර්ධනය මුහුණ පාන හිතකර සාධක, අහිතකර සාධකයන්ට වඩා කැපීපෙනෙන බවත්, ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රශස්ත වීමේ ප්‍රවණතාව වෙනස් වී නොමැති  බවත්, විශ්වාසය තහවුරු කර ගත යුතු බවත් එම සමුළුවේ දී තහවුරු කෙරිණ.

  2024 වසරේ රටේ ආර්ථික කටයුතු පිළිබඳව මෙවර සමුළුව පොදු සැලසුම් හා මාර්ගෝපදේශ ද ඉදිරිපත්  කර ඇත. තාක්ෂණික නවෝත්පාදන සහිත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම, දේශීය ඉල්ලුම් ව්‍යාප්තිය  තහවුරු කිරීම, ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සහතික කිරීම හා ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම, ග්‍රාමීය  කෘෂිකාර්මික ප්‍රදේශ හා ගොවීන් පිළිබඳ වැඩසටහන් නිසි ලෙස ක්‍රියාවට නැංවීම, ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම යනාදී ක්ෂේත්‍රවල කාර්යභාරය එහිදී පැහැදිලි කෙරිණ.

‘චීනය තුළ ආයෝජනය කිරීම’ යන සංකල්පය මෙවර සමුළුවේ දී ප්‍රථම වරට එළිදැක්වීම විශේෂත්වයකි. විදේශිකයන් චීනයේ ව්‍යාපාරික කටයුතුවල නිරතවීම, අධ්‍යාපනය ලැබීම හා සංචාරය කිරීමේ දී පවතින ගැටළු විසඳීමට  ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කෙරිණ. වෙළඳපොළකරණය, නෛතිකකරණය හා ජාත්‍යන්තරකරණය ඔස්සේ ලොව ප්‍රමුඛ ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට පියවර ගතයුතු බවට ද උපදෙස් දී තිබේ. විදුලි සන්නිවේදන, වෛද්‍ය සේවා ඇතුළු සේවා කර්මාන්ත ක්ෂේත්‍රවලට පිවිසීමේ දී විදේශීය ආයෝජකයන්ට පවතින සීමා ලිහිල් කෙරෙනු ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම